Saturday, June 1, 2013

Paypal ගිණුමක් සකස් කර ගැනීම 1 (අන්තර්ජාල බැංකු ගිණුම්)

මෙහිදී මා මූලිකව බලාපොරොත්තු වන්නේ Paypal ගිණුමක් සාදන අකාරය ඔබට කියා දෙන්නයි. වැදගත් කරුනු රැසක් ඔබට මෙමගින් දැන ගැනීමට ඉඩ ලැබෙනු ඇත. එම නිසා මෙය ඉතා හොදින් කියවා තේරුම් ගන්නා ලෙස ඉල්ලා සිටිනවා

විමසීමට ලක් කිරීමට බලාපොරොත්තු වන කරුණු.

  • Paypal නීති හදුනාගැනීම.
  • Paypal සමග ගණුදෙනු කරන ආකාරය.
  • Paypal ගිණුමක් වෙරිෆයි කිරීම.
  • Paypal හි ඇති මුදල් ලංකාවේ බැංකු ගිනුමකට ලබා ගැනීම.
  • Paypal හි ඇති මුදල් චෙක් මගින් ලබාගන්නා ආකාරය.
Paypal නීති සමහරක්.
1.    එක් පුද්ගලයෙකුට තිබිය හැක්කේ එක් Paypal (Personal Account) ගිනුමක් පමනයි. වෙනත් පේපැල් ගිනුම් මුදල් සමග අවලංගු කරනවා. ව්‍යාපාරය සදහා  තවත් එක් Paypal (Business Account) ගිනුමක් තබා ගත හැකියි.
2.    වෙරිෆයි කිරීමෙන් අනතුරුව පමණක් මුදල් භාවිතා කිරීමේ සීමාව ඉවත් වේ. මුදල් සීමාව වන්නේ ( $100-$500)
3.    වෙරිෆයි කිරීම සදහා බැංකු ගිනුමක් ඇතුලත් කල යුතුයි. විසා කාඩ් හෝ එවැනි කාඩ් එකක් මගින් ද වෙරිෆයි කළ හැකියි.
4.    එක් Paypal ගිනුමක් තව කෙනෙකුට පැවරීමේ අයිතියක් නෑ.
ඉහත සදහන් කර ඇත්තේ අපට වැදගත් වන නීති රීති කීපයකි. තව නීති රාසියක් ඇත.ඒවා ගැන ඉදිරියේදී ඔබට දැනුමක් ලැබෙනු ඇත.
 

Paypal ලංකාවට බලපාන ආකාරය

ඉතා ආරක්ෂාකාරී ලෙස අන්තර්ජාල ගණුදෙනු වලදී මූලිකව භාවිතා වන ගිනූම Paypal කීවොත් කවුරුත් එය ප්‍රතික්ෂේප කරන එකක් නැහැ. එ කියන්නේ Paypal නැතුව අපිට අන්තර්ජාල ගණුදෙනු කරන්න අමාරුයි. වෙබ් අඩවි වලින් බොහෝ විට ඉල්ලන්නේ Paypal ගිණුමකින් මුදල් ගෙවන්න කියායි. Paypal පහසුකම සෑම වෙබ් අඩවියකමවාගේ ඇත. වෙනත් අන්තර්ජාල ගිණුම් තිබනත් එවා බොහෝ වෙබ් අඩවි වල භාවිතා වන්නේ නැත. එම නිසා අපටත් Paypal ගිණුමක් තිබේන එක වටිනවා කියා මා සිතනවා.
නමුත් ලංකාවේ අපට Paypal භාවිතා කිරීමේදි ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වනවා. එ තමයි අපේ රට Paypal හි send only කණ්ඩායමේ සිටීම. නමුත් පුංචි හොර වැඩක් කරලා මෙකට අපි විසදුමක් හොයා ගමු.
send only කණ්ඩායමේ ඉන්නවා කියන්නේ අප රටේ සිට Paypal හි ලියාපදිංචි වන්නන්ට මුදල් තමන්ගේ ගිණුමට ගෙන්වා ගැනීමේ හැකියාවක් නැහැ. නමුත් අප විසින් visa, master,හෝ බැංකු ගිණුමේ තිබෙන මුදල් Paypal ගිණුමට යොමු කර එමගින් වෙබ් අඩවි වලට Paypal මගින් ගෙවිම් කිරීමේ හැකියාව ඇත. ඒ කියන්නේ අපේ මුදල් පිටරටවලට යනවා කියන එක සහ අපට පිටරටවල මුදල් Paypal හරහා ලංකාවට ගෙන්වා ගැනීමේ හැකියාවක් නැහැ. අපේ රටේ විදිහට හදන Paypal ගිණුම් වලට අප විවිධ වෙබ් අඩවි වලින් උපයන මුදල් ලබා ගැනිමේ හැකියාව බෝහෝ දුරට මා දන්නා තරමින් නැත. වෙබ් අඩිවි වලින් මුදල් අපගේ ගිණුමට  එවුවත් එය අපගේ ගිනුමට එක් වන්නේ නැත. එම මුදල් නැවත ලබා ගන්නට බැරිය.
ඊළග ලිපියෙන් ලගදීම හමුවෙමු..........

වේබ් අඩවියේ හෝ බොල්ක් අඩවියේ (web/ BlogSpot) දැන්වීම් පළ කිරීමෙන් මුදල් උපයන්න. Earn Money with Chitika.

අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්‍රම අතරින් ඉතා සාර්ථක ක්‍රමයක් තමයි මෙම ක්‍රමය. ඔබ දැනටමත් මෙම ක්‍රම මගින් මුදල් උපයනවා විය හැක. නමුත් බො...