මෙහිදී මා
මූලිකව බලාපොරොත්තු වන්නේ Paypal ගිණුමක් සාදන අකාරය ඔබට කියා දෙන්නයි. වැදගත් කරුනු
රැසක් ඔබට මෙමගින් දැන ගැනීමට ඉඩ ලැබෙනු ඇත. එම නිසා මෙය ඉතා හොදින් කියවා තේරුම් ගන්නා
ලෙස ඉල්ලා සිටිනවා.
විමසීමට ලක් කිරීමට බලාපොරොත්තු වන කරුණු.
- Paypal නීති හදුනාගැනීම.
- Paypal සමග ගණුදෙනු කරන ආකාරය.
- Paypal ගිණුමක් වෙරිෆයි කිරීම.
- Paypal හි ඇති මුදල් ලංකාවේ බැංකු ගිනුමකට ලබා ගැනීම.
- Paypal හි ඇති මුදල් චෙක් මගින් ලබාගන්නා ආකාරය.
Paypal නීති
සමහරක්.
1. එක්
පුද්ගලයෙකුට තිබිය හැක්කේ එක් Paypal (Personal Account) ගිනුමක් පමනයි. වෙනත් පේපැල්
ගිනුම් මුදල් සමග අවලංගු කරනවා. ව්‍යාපාරය සදහා තවත් එක් Paypal (Business Account) ගිනුමක් තබා ගත
හැකියි.
2. වෙරිෆයි කිරීමෙන් අනතුරුව පමණක් මුදල් භාවිතා කිරීමේ
සීමාව ඉවත් වේ. මුදල් සීමාව වන්නේ
( $100-$500)
3. වෙරිෆයි කිරීම සදහා බැංකු ගිනුමක් ඇතුලත් කල යුතුයි. විසා
කාඩ් හෝ එවැනි කාඩ් එකක් මගින් ද වෙරිෆයි කළ හැකියි.
4. එක් Paypal ගිනුමක් තව කෙනෙකුට පැවරීමේ අයිතියක් නෑ.
ඉහත සදහන් කර ඇත්තේ අපට වැදගත් වන නීති රීති කීපයකි. තව නීති රාසියක් ඇත.ඒවා ගැන ඉදිරියේදී ඔබට දැනුමක් ලැබෙනු ඇත.
Paypal ලංකාවට බලපාන ආකාරය
ඉතා ආරක්ෂාකාරී ලෙස අන්තර්ජාල ගණුදෙනු වලදී මූලිකව
භාවිතා වන ගිනූම Paypal කීවොත් කවුරුත් එය ප්‍රතික්ෂේප කරන එකක් නැහැ. එ කියන්නේ Paypal නැතුව අපිට
අන්තර්ජාල ගණුදෙනු කරන්න අමාරුයි. වෙබ්
අඩවි වලින් බොහෝ විට ඉල්ලන්නේ Paypal ගිණුමකින් මුදල් ගෙවන්න කියායි. Paypal
පහසුකම සෑම වෙබ් අඩවියකමවාගේ ඇත. වෙනත්
අන්තර්ජාල ගිණුම් තිබනත් එවා බොහෝ වෙබ් අඩවි වල භාවිතා වන්නේ නැත. එම නිසා අපටත් Paypal ගිණුමක් තිබේන එක
වටිනවා කියා මා සිතනවා.
නමුත් ලංකාවේ අපට Paypal භාවිතා කිරීමේදි
ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වනවා. එ
තමයි අපේ රට Paypal හි send only කණ්ඩායමේ සිටීම. නමුත් පුංචි හොර වැඩක් කරලා මෙකට අපි විසදුමක් හොයා ගමු.
send only කණ්ඩායමේ ඉන්නවා
කියන්නේ අප රටේ සිට Paypal හි ලියාපදිංචි වන්නන්ට මුදල් තමන්ගේ ගිණුමට ගෙන්වා
ගැනීමේ හැකියාවක් නැහැ. නමුත්
අප විසින් visa, master,හෝ බැංකු ගිණුමේ තිබෙන මුදල් Paypal
ගිණුමට යොමු කර එමගින් වෙබ් අඩවි වලට Paypal
මගින් ගෙවිම් කිරීමේ හැකියාව ඇත. ඒ
කියන්නේ අපේ මුදල් පිටරටවලට යනවා කියන එක සහ අපට පිටරටවල මුදල් Paypal
හරහා ලංකාවට ගෙන්වා ගැනීමේ හැකියාවක් නැහැ. අපේ රටේ විදිහට හදන Paypal ගිණුම්
වලට අප විවිධ වෙබ් අඩවි වලින් උපයන මුදල් ලබා ගැනිමේ හැකියාව බෝහෝ දුරට මා දන්නා
තරමින් නැත. වෙබ් අඩිවි වලින්
මුදල් අපගේ ගිණුමට එවුවත් එය අපගේ ගිනුමට එක් වන්නේ නැත. එම මුදල් නැවත ලබා ගන්නට බැරිය.